පෝසත් පංසල

Published from Blogger Prime Android App



රම්‍ය සුර්ම්‍ය සුභ මාලිගා තුනක්..

රජ සැප , කම් සැප , දරු , හැම සැපක්.

අත් හැර ගිය සුදුහත් නුබ මෙතෙක්..

බුදු වී දෙව් බස දැන් කනපිටක්...
................................

හැම සැප අත් හැර ගිය නුබ භවයෙන්..

භව දුක ලෝ දුක ගැලවෙන ක්‍රමයෙන්..

නිවන්පුරේ වෙත නුබගිය තැනකින්..

හැකිනම් එනවද අප හමුවන මෙන්..

.....................................

රජ සැප අත් හැල නුබෙ පාත්තරේ..

පිලිමෙක දිලෙනා කාසි කොල තිබේ..

හැකිනම් පංසලෙ ලොකුම සාදුගේ..

පිලිමය තනලා තියනු මේ ලෙසේ..

............................

බුදු දහම වියැකෙයිද මේ ලෙසෙන් සැමදා ??

හිමි දෙසූ බන නොවෙද කඩන්නේ මෙලෙසා..

නුබ වැඩියොතින් නැවත අපේ බිම සොයලා..

සිතෙයි නුඹ කීව බන කොහෙද මෙහි හැමදා

Comments