මලිත්තෝ

මලිත්තෝ.

Published from Blogger Prime Android App


කෙත් යායක වී කරලක් රස කර කර නුඹ කෑවත්...  මගේ ළමයි බඩගින්නට පස් කන්නද 
මලිත්තෝ..

කොහොල්ල ගුලි ලා ඉදලක් නුඹ වෙනුවෙන් මම තිබ්බත්...උබේ පියාපත්වල ගම් හෝදන්නම්  මලිත්තෝ....

දහදියෙන් කෙත්යාය සාර වී නැමුන වී..දකින විට උබේ කුසගිනි  දෙගුන වෙනවද 
මලිත්තෝ...

පුංචි පංගුව මගේ යායේ මගේ දරුවන් හතරටත් මදි...උබේ පංගුව කුරුලු පාලුව කොහොම දෙන්නද මලිත්තෝ....

පුංචි පැල්පත් හැමතැනම දැං..රුක් ලතා බිම දමා හදනව...උබගෙ අඹ දඹ කජු මදක්වත් කන්න නැතුවද
මලිත්තෝ...

උබට හැකිනම් එන්න පැලවෙත..මගේ පැටවුන් කවයි නිතරම ..උබේ පාටට උබේ පෙනුමට පැටව් ආසයි මලිත්තෝ...

ගමේ ආරච්චිගේ කුඹුරෙන් වී කටක් කෑ විටදි පෙරදා...උබේ සොඳුරිය ගිනි බටෙන් වෙඩි කෑවදෝ මගෙ මලිත්තෝ..

අදට විතරක් කන්න උබ මගෙ වෙලෙන් වී අහුරක්ම නුබටයි..කුසගින්නෙ දුක දන්නවා මම මගේ ආදර මලිත්තෝ...

Comments