මූසිලයි සැබෑ දක්ෂයා
වයන විට මූසිල වෙණ..
නොකලේද මත් කලේ දන මන..
ගුත්තිලගෙ ගුන පමනක්ම වෙණ.
ඔපදමා ගුරු නදම වෙණ..
මහ පවකි අප තව ගෙවන...
.................................
මූසිලට නොහැකියිද ගුත්තිලව පසුකරවන්න...
ගුරු අභිබවන බව අරුමයක් උනේ කෙලෙසද සක් දෙවිදු හට..
සක්‍රයා නුබ කලෙත් ශාපලත් වැඩක් විදවන...
හැකියාවක් කෙලෙස බිදලන්නෙ නුබ ගුලි වලින් මෙලෙස ??
මූසිලගෙ හැකියාව වැඩි නොවෙද ගුරුන්ටත් වැඩිය?
මූසිලගෙ හැඩ වෙණ නද ගැයුම දැක දැක..
සතුටු විය නොහැකිද හරි ගුරෙක් ලෙස ගුත්තිලහට..
මූසිල නොසිතහන් නුබ ඔය කරුනු ගැන..
ඇකයෙන් වැටුනු දරුවන් නුබේ වෙණ නද නිසා විය නොහැකිද ?..
ඉහල තැනටම මුට්ටියෙන් බෙදන ඈයන්..
පහල උන්හට බෙදුවෙ කන්හැන්දකින් හැමකල්...
විලි වසා ගැනුමට ගුත්තිල හට..
උනා ගන්නට ගුලියක් සක්‍රයාගෙන් නයට..
එදා ඒ වෙණ නද තරග බිම..
ගුත්තිල නොවෙයි හැබෑ විරුවා..
කාගෙ කාගෙත් දොස්ම අසනා මූසිල නුබය සැබෑ විරුවා...
කරනට ගුත්තිලගෙ හඩ ඔප...
වැට්ටූ දරුන් ඇකයෙන් මව..
සක්‍ර නුබටත් පලදෙයි පව..
මූසලගෙ සාපයම ඇති නුන හට...
.jpeg?alt=media&token=40f39da6-2d37-4674-9bc4-abab3485756d)
Comments
Post a Comment